WEBVTT 00:00:00.000 --> 00:00:05.842 cineru.lk 00:00:06.250 --> 00:00:08.125 ඕක් කොල දළු දාන්න පටං ගන්න කාලෙදි, 00:00:08.208 --> 00:00:09.458 අපි ග්‍රෝව් වලට යනවා. 00:00:09.541 --> 00:00:12.791 මෙතන තියෙන එකම ප්‍රෂ්නය තමයි එතනයි මෙතනයි අතර අනතුරු සියගානක් තියෙන එක. 00:00:13.166 --> 00:00:15.041 මම අනතුරුදායකයි. 00:00:15.333 --> 00:00:17.125 නවත්තන්න! 00:00:24.625 --> 00:00:27.250 අපේ ආලෝකය මැකී යනවා. 00:00:27.583 --> 00:00:31.083 එතකොට මේ මීත්‍රිල්... මේවද අපේ එකම ගැලවීම? 00:00:31.458 --> 00:00:35.250 ඒ කියන්නෙ මුළු එල්වන් ජාතියේම ඉරණම තියෙන්නෙ... 00:00:35.291 --> 00:00:37.250 - ...ඔයාගෙ අතේ. - හම්ම්. 00:00:37.416 --> 00:00:38.416 නම්පට්! 00:00:38.500 --> 00:00:41.291 සවුරෝන් වතාවක් මගේ වර්ගයාගේ සතුරා වගේම ඔයාගේ වර්ගයාගේ සතුරත් උනා. 00:00:42.291 --> 00:00:44.375 මම ඔයාගෙන් ඉල්ලන්නෙ නුමෙනෝර්වල වගේම එල්ව්ස්වරු අතර 00:00:44.458 --> 00:00:45.958 සන්ධානය යලි ගොඩ නගන්න කියලයි. 00:00:46.041 --> 00:00:47.625 දකුණු දේශයේ මිනිසුන්ව බේරගන්න. 00:00:50.041 --> 00:00:51.416 ඒක මට දෙනවා. 00:00:51.541 --> 00:00:52.625 ඒක මෙතන යට තියෙන්නෙ. 00:00:57.125 --> 00:01:00.208 දකුණු දේශයේ සැබෑ රජු වැජඹේවා. 00:01:00.541 --> 00:01:02.375 වැජඹේවා! 00:01:08.750 --> 00:01:09.625 හෙවනකට යන්න! 00:01:09.708 --> 00:01:10.625 රැජින! 00:01:11.708 --> 00:01:13.291 තියෝ! 00:01:20.952 --> 00:01:38.826 Precented by cineru team -2022 00:02:32.952 --> 00:02:41.348 THE LORD OF THE RINGS RINGS OF POWER S01 EP 07 "The eye" 00:04:29.166 --> 00:04:30.000 උදව් කරන්න! 00:04:38.000 --> 00:04:39.416 හැල්බ්‍රෑන්ඩ්! 00:04:45.250 --> 00:04:46.541 එලෙන්ඩීල්! 00:04:49.208 --> 00:04:50.625 හැල්බ්‍රෑන්ඩ්! 00:04:51.333 --> 00:04:53.416 අම්මේ? අම්මේ? 00:04:55.250 --> 00:04:56.666 අම්මේ! 00:04:57.416 --> 00:04:58.666 මේ පැත්තෙ. 00:05:00.750 --> 00:05:01.916 මෙහාට එන්න. 00:05:07.791 --> 00:05:10.166 - ඔයාට තුවාලයිද? - නෑ. 00:05:12.500 --> 00:05:13.916 මාත් එක්කම ඉන්න. 00:05:15.125 --> 00:05:15.958 එන්න. 00:05:36.291 --> 00:05:39.916 ඔන්ටමෝ කොහෙද? ඔන්ටමෝ මාත් එක්ක හිටියෙ. 00:05:41.708 --> 00:05:43.625 බඩගාන්න. 00:05:43.708 --> 00:05:45.208 බඩගාන්න. මම උඹව දාලා යන්නෙ නෑ. 00:05:45.625 --> 00:05:47.291 සෙබල,මේ පැත්තේ! 00:05:49.500 --> 00:05:50.541 වැලැන්ඩීල්. 00:06:15.000 --> 00:06:17.416 සෙබල, එයා නැතිවෙල ඉවරයි. 00:06:18.583 --> 00:06:19.416 එයා නැතිවෙලා ඉවරයි. 00:06:21.000 --> 00:06:22.000 මේ පැත්තෙන්! 00:06:23.208 --> 00:06:25.083 - එයා නැතිවෙලා ඉවරයි... - එන්න! 00:06:25.166 --> 00:06:27.375 - උදව් කරන්න! අනේ,උදව් කරන්න! - සෙබලුනි! 00:06:27.458 --> 00:06:28.791 මේ පැත්තේ! අපි ඇතුලෙ ඉන්නෙ! 00:06:28.875 --> 00:06:30.791 වහල කඩන් වැටෙන්නයි යන්නෙ. 00:06:31.791 --> 00:06:33.500 - එළියට එන්න බෑ! - ඉක්මනටම,එළියට එන්න පාරක් හදන්න. 00:06:53.791 --> 00:06:56.000 මෙහෙ. මේ පැත්තෙන්. 00:06:56.083 --> 00:06:58.416 මගේ අත අල්ලගන්න. ඔයාලට ප්‍රශ්නයක් නෑ. 00:06:59.041 --> 00:07:01.458 ඉස්සරහට යන්න. එකට ඉන්න. 00:07:02.708 --> 00:07:04.583 - ඉක්මන් කරන්න, මගේ රැජිනියණි. - යන්න. 00:07:07.666 --> 00:07:09.041 පාලම පැත්තට යන්න. 00:07:09.125 --> 00:07:10.541 මෙයාලව මෙතනින් එලියට අරගෙන යන්න! 00:07:13.250 --> 00:07:15.125 නෑ! 00:07:24.500 --> 00:07:26.208 ඉසිල්දූර්! 00:07:27.166 --> 00:07:28.041 ඉසිල්දූර්! 00:07:38.583 --> 00:07:39.500 ඉස්සරහා. 00:07:39.583 --> 00:07:42.083 ග්‍රෝව් එක! මම හිතන්නෙ මේ ඒක තමයි. 00:07:42.166 --> 00:07:43.666 දවස් තුනකට කලිනුත් ඔහොම කිව්වා. 00:07:43.750 --> 00:07:46.750 නෑ,නෑ, එයා හරි. මට මේක මතකයි. 00:07:46.833 --> 00:07:48.000 එන්න. 00:07:48.083 --> 00:07:52.041 ඔයාට ඒ සුවඳ දැනෙනවද? ලී දුම්! අනිත් අය කෑම තම්බන්න පටන් ගන්න ඇති. 00:08:21.791 --> 00:08:23.166 බරෝව්ස් මහත්තයෝ. 00:08:24.625 --> 00:08:25.875 මොකද්ද සිද්ද වෙලා තියෙන්නෙ? 00:08:26.833 --> 00:08:32.666 මගේ මුත්තා ගිණි ගල් විදින්න පුළුවන් දකුණේ තියෙන කන්ඳු ගැන කියලා තියෙනවා. 00:08:33.625 --> 00:08:35.166 එයා කිව්වා ඒවා නිදා ගන්නවා කියලා. 00:08:36.291 --> 00:08:38.333 සමහර වෙලාවට අවුරුදු සිය ගානකට. 00:08:40.125 --> 00:08:45.958 නව නපුරක් නැගී ගෙන එනකොට විතරක් ආපහු අවදි වෙන්න. 00:09:07.791 --> 00:09:09.416 - හම්ම්. - බ්‍රැන්ඩි ෆුට්. 00:09:10.500 --> 00:09:13.333 ඔයාගේ අර උඩ ඉන්න යාළුවා. ලොකු හාදයා. 00:09:14.250 --> 00:09:16.333 - ඔයා හිතන්නෙ නෑ නේද... - මොකක් හිතන්නද? 00:09:16.416 --> 00:09:17.916 සමහරවිට එයාට මේක හරිගස්සන්න පුළුවන් වෙයි කියලා. 00:09:18.000 --> 00:09:19.833 - කෝ යන්න,නෝරි. - ඔව්. හරියට එයා අර වෘකයන්ව හරි ගැස්සුවා වගේ. 00:09:19.916 --> 00:09:22.541 - අහ්,මම දන්නෙ නෑ... මම දන්නෙ නෑ එයාට පුළුවන්ද... - ඔයා මොකටද බලාගෙන ඉන්නෙ? 00:09:22.625 --> 00:09:23.750 එයා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලා. 00:09:24.750 --> 00:09:27.250 එයාගෙන් තවත් දේවල් ඉල්ලන එක පොඩ්ඩක් නරකයි වගේ. 00:09:28.708 --> 00:09:29.791 මට තේරෙනවා. 00:09:32.291 --> 00:09:34.166 එහෙනං මම,ම එයාගෙන් අහන්නං. 00:09:34.666 --> 00:09:35.500 සැඩොක්! 00:09:35.583 --> 00:09:37.333 පාරෙන් ඉඩ දෙන්න, පුංචි එවුනේ. 00:09:42.041 --> 00:09:44.000 ආ කුයිතා... 00:09:44.333 --> 00:09:48.750 ආ එවින්‍යාටා... 00:09:51.750 --> 00:09:53.541 එන්වින්‍යාටා... 00:09:54.291 --> 00:09:56.125 ලොටේ නා... 00:09:57.250 --> 00:09:59.458 - ලොටේ නා... - එයා මුමුණන්නෙ මොනවද? 00:09:59.541 --> 00:10:02.750 පුංචි වචන වගේ පේන්නෙ, එතකොට ගහට තේරෙනවා ඇති. 00:10:02.833 --> 00:10:04.833 සැඩොක්, ගස් කතා කරන්නෙ නෑ. 00:10:04.916 --> 00:10:05.958 සමහර ඒවා කතා කරනවා. 00:10:06.166 --> 00:10:08.291 එයාගේ අවධානය වෙනස් කරන්න එපා. 00:10:14.166 --> 00:10:17.125 එන්වින්‍යාටා! 00:10:17.208 --> 00:10:18.291 ලොටේ නා! 00:10:18.375 --> 00:10:21.875 එළු කෙලියයි. ඒක වැඩ කරනවා... 00:10:23.208 --> 00:10:29.208 ආ කුයිටා!ආ කුයිටා! ආ කුයිටා! 00:10:33.708 --> 00:10:35.125 එයා ඒක හරිගස්සනවා. 00:10:35.208 --> 00:10:37.125 එයා එහෙම කරයි කියලා සැඩොක් කිව්වා වගේම. 00:10:37.208 --> 00:10:39.250 ආ කුයිටා! 00:10:39.333 --> 00:10:41.250 ඩිලී, පස්සට වෙන්න! 00:10:45.000 --> 00:10:46.916 - නෑ! - නෝරි! 00:10:47.000 --> 00:10:48.875 මගේ පුංචි කෙල්ලෝ! මගේ පැටව්! 00:10:48.958 --> 00:10:50.708 නෝරි! ඩිලී! ඩිලී. 00:10:50.791 --> 00:10:53.583 ඩිලී, නෝරි, ඔයාලා හොඳින්ද? 00:10:55.250 --> 00:10:57.041 ඔන්න එහෙනං. 00:10:57.125 --> 00:10:58.708 ඔයා හොඳින්ද? ඔයා හොඳින්ද? 00:10:58.791 --> 00:11:00.708 මම හොඳින්. මම කිව්වනේ. 00:11:00.916 --> 00:11:02.166 මම හො... 00:11:23.458 --> 00:11:26.875 අපි මේ කන්දෙන් පූජනීය දෙයකුයි ඉල්ලා සිටින්නෙ. 00:11:28.666 --> 00:11:31.166 ඒ නිසා අපි ඒ වෙනුවෙන් පූජනියි දෙයක් පරිත්‍යාග කරන්න කැමතියි. 00:11:32.625 --> 00:11:36.208 ඔයාලගෙ මීත්‍රිල් පතල් වලට ප්‍රවේශ අවසරය වෙනුවෙන් හුවමාරුවක් විදිහට, 00:11:36.291 --> 00:11:38.750 එල්ව්ස්වරු මේ නගරය ක්‍රීඩා,ධාන්‍ය, 00:11:38.833 --> 00:11:42.291 වගේම මීළඟ ශතවර්ෂ පහ පුරාවට 00:11:42.375 --> 00:11:47.333 එරියඩෝර් පුරාණ වනාන්තරයෙන් ලබාගත් දැව සපයා දෙන්න සූදානම් වෙලාසිටිනවා. 00:11:47.750 --> 00:11:49.083 ශතවර්ෂ පහක්? 00:11:49.166 --> 00:11:51.708 හොඳ පොරොන්දුවක්, එයාලට ඒක රකින්න පුළුවන් නං... 00:11:52.625 --> 00:11:54.625 මට රකින්න බැරි පොරොන්දුවක් මම කවදාවත් දීලා නෑ. 00:11:56.750 --> 00:11:59.500 ඔහේ පාෂාණ භාෂාවේ වචන කීපයක් ඉගෙන ගෙන වගේ මට පේන්නෙ. 00:12:00.541 --> 00:12:01.791 සිත් ඇදගන්නා සුළුයි. 00:12:03.125 --> 00:12:06.958 මට කියන්න, අපි කිසිම එල්ෆ් කෙනෙක් විශ්වාස කරන්න ඕන ඇයි? 00:12:08.791 --> 00:12:10.041 ඔයාලා එහෙම කරන්න ඕන නෑ. 00:12:12.083 --> 00:12:13.750 ඒත් ඔයාලට මාව විශ්වාස කරන්න පුළුවන්. 00:12:14.500 --> 00:12:18.333 මම සාමාන්‍ය එල්ෆ් කෙනෙක් නෙවෙයි, අර්ධ-එල්වන් එල්රොන්ඩ් නිසා. 00:12:19.083 --> 00:12:23.458 ඒ වගේම එල්ව්ස්ලා තුල එයාලට දකින්න බැරි දේවල් මම දැකලා තියෙනවා. 00:12:23.916 --> 00:12:26.708 ඒ නිසා තමයි මම ඔබ ඉදිරියේ සිටගෙන, තනිවම... 00:12:30.583 --> 00:12:31.750 ඔයාගෙන් ආයාචනා කරන්නෙ. 00:12:33.625 --> 00:12:35.791 මගේ අයව බේරගන්න කියලා. 00:12:37.500 --> 00:12:41.750 කරුණාකරලා, උතුම් රජතුමනි. අපිට උපකාර කරන්න. 00:12:52.750 --> 00:12:54.750 මම දැන් මගේ පුත්‍රයා එක්ක කතා කරන්නං. 00:13:17.500 --> 00:13:19.500 ඔයාගේ පිළිතුර මොකක් වෙයිද, පියාණනි? 00:13:27.166 --> 00:13:32.666 අවුලේ අපේ වර්ගයාව නිර්මාණය කරනකොට, 00:13:33.875 --> 00:13:35.875 එයා අපිව නිර්මාණය කරන්නෙ මූලද්‍රව්‍ය දෙකකින්. 00:13:37.083 --> 00:13:38.500 ගින්දර වගේම පාෂාණ. 00:13:40.500 --> 00:13:44.041 අපි තුල ජීවත්වෙන පාෂාණ සදාකාලිත්වය වෙනුවෙන් කුසගින්නෙන් පෙළෙනවා, 00:13:44.125 --> 00:13:46.125 කාලයේ ඇදීමට විරුද්ධ වෙමින්. 00:13:47.416 --> 00:13:51.125 ඒත් ගින්න සත්‍ය වැළඳගන්නවා. 00:13:53.666 --> 00:13:55.916 හැමදෙයක්ම දවසක පරිභෝජනය කරන්න ඕන වගේම... 00:13:57.041 --> 00:13:59.000 - ...මැකී ගිහින් අළු බවට පත්වෙන්න ඕන කියන සත්‍ය... - පියාණනි... 00:13:59.083 --> 00:14:01.416 අපි ආධාරකයක් නැති පොළවක් හාරන්නෙ නෑ. 00:14:01.500 --> 00:14:04.291 අන්ධකාරයෙන් ඔබ්බට කිමිදෙන්න. 00:14:04.375 --> 00:14:09.166 පොළඹවන සෙවනැල්ලකට, පාෂාණ, වගේම පතල් වලට අපි හැමෝම මේ කන්ද යටින් වලලන්න ඉඩ දෙන්නෙ නෑ. 00:14:09.250 --> 00:14:12.333 එල්ව්ස්ලට මරණය රවට්ටන්න උදව් කරන්න 00:14:13.583 --> 00:14:15.541 මම ඩ්වෝර්වන් ජීවිත අනතුරේ හෙලන්නෙ නෑ. 00:14:15.625 --> 00:14:17.208 මරණය රවට්ටන්න? 00:14:18.750 --> 00:14:19.833 පියාණනි! 00:14:23.041 --> 00:14:26.458 මගේ මිත්‍රයා ගිලෙනවා, 00:14:27.750 --> 00:14:30.583 එයාව වෙරළට ඇදලා ගන්න කියලා මං දිහාවට අත දික් කරලා ඉන්නවා. 00:14:30.666 --> 00:14:32.833 ඔයා මගුලේ ගල් පෙරලීමකට බයවෙලා ඉන්නවා කියලා 00:14:32.916 --> 00:14:35.166 මම එයාගේ අත අහකට කරයි කියලා ඔයා බලාපොරොත්තු වෙනවද? 00:14:35.250 --> 00:14:38.708 එල්ව්ස්ලගෙ ඒ ඉරණම ලොකු කාලෙකට කලිනුයි තීරණය වෙලා තියෙන්නෙ. 00:14:39.541 --> 00:14:42.166 බොහෝම නුවණැති වගේම, 00:14:43.083 --> 00:14:45.375 අපේ ඒවට වඩා බොහෝ දුර පේන මනස් මගින්. 00:14:46.916 --> 00:14:51.916 එයාලගෙ කැමැත්තට විරුද්ධ උනොත්, මේ මුලු රාජධානියම බිඳවැටෙන්න පුළුවන්. 00:14:53.875 --> 00:14:55.875 සමහරවිට මුළු මධ්‍යම පෘථිවියම. 00:15:07.333 --> 00:15:09.166 මට කණගාටුයි,මගේ පුතේ. 00:15:12.875 --> 00:15:14.541 ඒත් එයාලගෙ කාලය ඇවිත් තියෙන්නෙ. 00:15:16.208 --> 00:15:19.750 උකුණෝ ඉන්න නැවුලක් තියෙන, නොසැලකිලිමත්, නාකි මෝඩයා! 00:15:19.833 --> 00:15:21.041 එයා හරි නං මොකද? 00:15:21.125 --> 00:15:23.791 ඔයා මේක සිද්දවෙන්න ඉඩදෙන්න නෙවෙයිනෙ හිතාගෙන ඉන්නෙ! 00:15:25.000 --> 00:15:28.041 අපිට වෙන මොන විකල්පයක්ද තියෙන්නෙ? 00:15:28.125 --> 00:15:32.166 ඔයා කිව්වනෙ අනිත් ඩ්වෝර්ෆ් ස්වාමි වරු යෝජනාවට විවෘතව ඉන්නවා කියලා. 00:15:32.250 --> 00:15:34.833 අපිම පතල් විවෘත කරලා, 00:15:34.916 --> 00:15:37.791 මීත්‍රිල් එකතු කරන්න ආරක්ෂිත ක්‍රමයක් තියෙනවා කියලා ඔප්පු කලොත්, 00:15:37.875 --> 00:15:39.541 සමහරවිට එයාලා,එයා ඇහුම්කන් දෙන්න සලස්වයි. 00:15:39.625 --> 00:15:42.625 සමහරවිට ඔයාගේ තාත්තගෙ අයිතිය අපි බලෙන් ගත්තා නං හරි. 00:15:42.708 --> 00:15:45.833 එයා මගේ තාත්තට වඩා කෙනෙක්, දීසා. 00:15:47.708 --> 00:15:49.333 එයා තමයි අපේ රජතුමා. 00:15:50.125 --> 00:15:52.708 රජ කෙනෙක්ගෙ කැමැත්ත හුළඟට 00:15:52.833 --> 00:15:55.125 විසිකරන කුණු වගේ සලකන්න ඕන කියලා මගේ දරුවන්ට ඉගැන්නුවොත් 00:15:55.208 --> 00:15:58.166 මම මොන විදිහෙ තාත්තා කෙනෙක් වෙයිද? 00:16:05.291 --> 00:16:07.708 හරි,හොඳයි. 00:16:07.791 --> 00:16:09.833 එයාගේ රැවුලේ උකුණෝ ඉන්නවා කියලා මට නොකියා ඉන්න තිබුණේ. 00:16:12.291 --> 00:16:14.458 - නැත්තං එයාට මෝඩයෙක් නොකියා ඉන්න තිබුණේ. - ඔව්. 00:16:14.541 --> 00:16:15.625 නෑ. 00:16:16.833 --> 00:16:20.041 නෑ, ඔයා මගේ අම්මට කුණු කතා කියනකොට තමයි මට පිළිකුල් ගතියක් දැනෙන්නෙ. 00:16:21.666 --> 00:16:24.666 අහ්,හොඳයි,ඔයාගෙ අම්මගෙ සිද්ධියේදි, එයාගේ ඇත්තටම උකුණෝ ඉන්නවා... 00:16:24.750 --> 00:16:26.500 මම විහිළුවක් කලේ. මම විහිළුවක් කලේ. 00:17:03.750 --> 00:17:07.000 ඔයාව රෑ කෑමට නවත්තගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ? 00:17:08.250 --> 00:17:10.125 ගිල්-ගැලෑඩ්ට දැනුම් දෙන්න ඕන. 00:17:12.875 --> 00:17:17.583 ඒ වගේම ඉක්මනින්ම,එයා තවදුරටත් රජ කෙනෙක් වෙන එකක් නෑ, මොකද තවදුරටත් ලින්ඩන් කියලා තැනක් තියෙන එකක් නැති නිසා. 00:17:24.833 --> 00:17:26.833 ඒ කියන්නෙ මේක සමු ගැනීමක්? 00:17:29.041 --> 00:17:30.625 අපි සමුගන්නවා කියන්නෙ නෑ. 00:17:39.333 --> 00:17:40.916 - අපි කියන්නෙ නමා... - නමාරියේ කියලා. 00:17:42.416 --> 00:17:44.625 ඒකෙ තේරුම සරළ "සමු ගැනීමකට" වඩා දෙයක්. 00:17:47.708 --> 00:17:51.208 ඒකෙ තේරුම... "යහපත කරා යන්න" කියන එකයි. 00:19:13.875 --> 00:19:15.083 එල්රොන්ඩ්! 00:19:28.583 --> 00:19:29.791 ඇයි එයාලා මෙහෙම කරන්නෙ? 00:19:31.541 --> 00:19:32.958 මේක එයාලගෙ නිවහන කරගන්න. 00:19:34.375 --> 00:19:35.708 එයාලගෙ සෙවනැලි දේශය කරගන්න. 00:19:36.500 --> 00:19:38.833 ඉතිං අපි මේක ආපහු අරගෙන, උන්ව පන්නලා දාමු. 00:19:38.916 --> 00:19:41.250 අපිට ස්ථානයක්වත්, ශක්තිමත් සේනාවක්වත් නෑ. 00:19:41.916 --> 00:19:43.500 මේ භූමින් මැරිලා ඉවරයි. 00:19:44.208 --> 00:19:45.625 අපි ජීවතුන් අතර ඉන්න ඒවත් එක්ක පෙළ ගැහෙන්න ඕන. 00:19:45.708 --> 00:19:47.583 නැත්තං උන්ගෙ උගුරු වලට වානෙ බස්සන්න ඕන! 00:19:49.416 --> 00:19:51.041 ඒක ඉවරයි. 00:19:51.125 --> 00:19:52.833 මට එහෙම නෑ. මම ඒකට ඉඩදෙන්නෙ නෑ! 00:19:52.916 --> 00:19:54.166 අපි එහෙම කරන්නම ඕන! 00:19:57.666 --> 00:19:58.916 අපි එහෙම කරන්නම ඕන. 00:20:03.875 --> 00:20:06.958 ඔයා ඔච්චරම මොකක් ගැනද වද වෙන්නෙ? ඒක ඔයාගෙ වරදක් නෙවෙයි. 00:20:10.083 --> 00:20:11.291 ඔව්,එහෙම තමයි. 00:20:21.666 --> 00:20:24.208 දිගටම යන්න. එච්චරයි. 00:20:30.916 --> 00:20:32.791 පිටිපස්සෙ ඉන්න ඔය කට්ටියට උදව් කරන්න. 00:21:00.916 --> 00:21:02.291 ඉසිල්දූර්? 00:21:14.916 --> 00:21:17.083 - රැජින! - එයා ජීවතුන් අතර. 00:21:17.166 --> 00:21:19.083 - එයාට තුවාලයිද? - අපිව බේරගන්න! 00:21:19.166 --> 00:21:21.125 - එයාට තුවාලයිද? - එයා හොඳින්ද? 00:21:21.208 --> 00:21:22.291 දෙවියන්ට ස්තූතිවෙන්න ඕන! 00:21:26.708 --> 00:21:27.958 මගෙ රැජිනියණි. 00:21:35.083 --> 00:21:36.333 මගේ අශ්වයාව අරගන්න. 00:21:46.625 --> 00:21:48.333 කපිතාන්,ඔයාගේ... 00:21:51.291 --> 00:21:53.416 - කපිතාන්... - එයා කොහෙද? 00:21:58.833 --> 00:22:00.500 මගේ පුතා කොහෙද? 00:22:03.833 --> 00:22:06.458 එයාලා මැරිලා,එහෙම නේද? 00:22:08.458 --> 00:22:12.333 ඇරොන්ඩියර්. මගේ යාළුවෝ. මගේ... 00:22:13.333 --> 00:22:16.541 මගේ අම්මා. හැමෝම. 00:22:17.791 --> 00:22:22.791 දැනගත නොහැකි දේවල් මනස හිස් කරනවා. ඒක අනුමාන වලින් පුරවගන්න එපා. 00:22:29.166 --> 00:22:30.875 අඩුම තරමේ අපි මේ කොහෙ කියලද යන්නෙ? 00:22:30.958 --> 00:22:34.333 නුමෙනෝර්වරු අර ඈත කඳු මුදුනෙන් එහා තියෙන, 00:22:34.416 --> 00:22:35.833 කඳුවැටිය මත කඳවුරු බැන්දා. 00:22:36.583 --> 00:22:39.375 දිවි ගලවාගත්ත අයත් එක්ක එයාලා යන්න ඕන එතනට. 00:22:42.125 --> 00:22:43.541 ඔයාගෙ අම්මත් ඇතුලත්ව. 00:22:45.666 --> 00:22:48.916 ඒ වගේම පරිස්සම් වෙන්න. දැන් ඕර්ක්ස්ලා දවල් කාලයෙත් ගමන් කරනවා. 00:22:50.583 --> 00:22:52.833 ඔයාට කියන්න මම කලින් ඕර්ක්ස්ලව මරලා තියෙනවා. 00:22:52.916 --> 00:22:56.333 මම ඔයාගෙ වයසේ ඉන්නකොට, ඕර්ක්ස්ලා කියලා ජාතියක් හිටියෙ නෑ. 00:22:56.416 --> 00:22:59.541 එතකොට දැන්? ඔයා කී දෙනෙක්ව මරලා තියෙනවද? 00:22:59.625 --> 00:23:01.708 - ගොඩ දෙනෙක්ව. - හොඳයි. 00:23:02.500 --> 00:23:04.500 මම නං ඒ වගේ වචන පාවිච්චි කරන්නෙ නෑ. 00:23:05.500 --> 00:23:06.583 ඇයි නැත්තෙ? 00:23:07.208 --> 00:23:10.583 අඳුරු දේවල් වලට "හොඳයි" කියන එක, හදවත අඳුරු කරනවා. 00:23:11.916 --> 00:23:14.666 ඒවා නපුරට අපි තුල වර්ධනය වෙන්න ඉඩ සලසනවා. 00:23:15.875 --> 00:23:18.458 හැම යුද්ධයක්ම ඇතුලතින් වගේම පිටතිනුත් සටන් කරනවා. 00:23:19.666 --> 00:23:22.000 හැම සෙබලෙක්ම ඒ ගැන කල්පනාකාරී වෙන්න ඕන. 00:23:23.541 --> 00:23:26.291 මම උනත්. ඔයා උනත්. 00:23:27.958 --> 00:23:29.208 ඒ කියන්නෙ මම සෙබලෙක්ද? 00:23:40.083 --> 00:23:42.208 සමහරවිට අපිට ඔයාගෙන් කෙනෙක්ව හදාගන්න පුළුවන් වෙයි. 00:24:21.916 --> 00:24:24.666 අපිට කඳවුරට ළඟා වෙන්න තව කොච්චර දුරක් යන්න තියෙනවද? 00:24:26.041 --> 00:24:27.583 ඒක මේ නැගීමෙන් එහා තියෙන්නෙ. 00:24:40.333 --> 00:24:43.333 අපිට මේ දුමෙන් පැහැදිලි වෙන්න තව කොච්චර දුර යන්න තියෙනවද? 00:24:46.958 --> 00:24:47.791 නවතින්න. 00:24:59.583 --> 00:25:01.750 අපි ඒකෙන් පැහැදිලි වෙලා කොච්චර වෙලාවක් වෙනවද? 00:25:03.166 --> 00:25:04.583 හැතැප්මයකට ළං වෙන්න. 00:25:06.208 --> 00:25:07.458 මට පේනවා. 00:25:22.250 --> 00:25:23.333 ඔයාට පේනවද? 00:25:26.208 --> 00:25:27.458 අළු පාටින් විතරයි. 00:25:34.000 --> 00:25:35.833 දිගටම ඇවිදින්න, ඔයාලා දෙන්නම. 00:25:36.916 --> 00:25:40.083 මගේ අශ්වයාට පාර කියන්න. කවුරුවත්ම දැනගන්න ඕන නෑ. 00:25:42.708 --> 00:25:43.875 එලෙන්ඩීල්? 00:25:46.166 --> 00:25:48.291 එලෙන්ඩීල්,කරුණාකරලා. 00:25:49.291 --> 00:25:50.541 දිගටම ඇවිදින්න. 00:26:17.041 --> 00:26:19.208 එයාලා ඒකට කියන්නෙ මහා ග්‍රීන්වුඩ් එක කියලා. 00:26:19.291 --> 00:26:22.791 ඔයාගේ ඔළුව පාත් කරගෙන කඳු ගැට්ට දිහා ඇහැ ගහගෙන ඉන්න. 00:26:22.875 --> 00:26:25.958 ඊට එහාපැත්තෙන් ඔහේට ලොකු හාදයන්ගෙ ජනාවාසයක් හම්බෙයි. 00:26:26.791 --> 00:26:30.708 වාසනාවක් තිබ්බොත්, එහෙ ඉන්න මිනිස්සුන්ට ඔයාගෙ තරු හොයාගන්න ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි. 00:26:36.708 --> 00:26:38.458 මොකද මට ඔයාට කියන්න පුළුවන්, 00:26:38.541 --> 00:26:40.250 අවුරුදු දහස් ගානකට කලින් අපේ මුතුන් මිත්තෝ 00:26:40.333 --> 00:26:43.291 නොදන්න කොටස් වල ජීවත් උන කාලෙ ඉඳලම 00:26:43.375 --> 00:26:45.416 අපේ අය ඕවා දැකලා නැ. 00:26:45.500 --> 00:26:50.208 ඒ වගේම ඒක ඇවිදලා යන්න ලොකු කාලයක්. ලොකු කකුල් තියෙන හාදයෙකුට උනත්. 00:29:07.500 --> 00:29:09.833 අඩි පාරටම වෙලා ඉන්නයි තිබුණේ. 00:29:12.333 --> 00:29:16.541 මම ඒ තරුව කඩාගෙන වැටෙනවා දැකපු වෙලාවේ, මට ඒක අතෑරලා දාන්න තිබුණේ. 00:29:16.625 --> 00:29:19.500 - එලනෝර්... - ඔයා මට කියන්න උත්සාහ කලා,අම්මෙ. 00:29:22.208 --> 00:29:23.833 ඒත් දැන් මට තේරෙනවා. 00:29:26.125 --> 00:29:27.708 මම නිකන්ම හාෆුට් කෙනෙක් විතරයි. 00:29:32.250 --> 00:29:33.833 හැමදාටමත් මම එච්චරම තමයි වෙන්නෙ. 00:29:38.208 --> 00:29:40.208 නිදාගන්න යන්න, නෝරි. 00:29:42.583 --> 00:29:44.916 අපි ඉතුරු ටික උදේට බලාගම්මු. 00:30:17.416 --> 00:30:19.416 ඔයාට කවදා හරි සමීප කෙනෙක්ව අහිමි වෙලා තියෙනවද? 00:30:21.125 --> 00:30:22.291 උන්ට? 00:30:24.125 --> 00:30:25.541 මම කිව්වෙ,ඥාතියෙක්ව. 00:30:27.750 --> 00:30:30.083 මගේ සහෝදරයා. ෆින්රොඩ්. 00:30:36.416 --> 00:30:37.750 ඒ වගේම මගේ සැමියා. 00:30:39.250 --> 00:30:40.666 සැමියා? 00:30:41.541 --> 00:30:44.041 කෙලෙබෝර්න් තමයි එයාගෙ නම උනේ. 00:30:47.041 --> 00:30:48.875 අපි මුණගැහුනෙ මල් වත්තක. 00:30:50.750 --> 00:30:52.750 මම නටන කොට එයා මාව එතන ඉන්නවා දැකලා තියෙනවා. 00:30:55.041 --> 00:30:56.791 ඔයා නට නට හිටියා? 00:30:57.958 --> 00:31:00.458 එතකොට යුද්ධය ගොඩක් ඈතින් වගේ තිබුණේ. 00:31:04.291 --> 00:31:06.291 එයා ඒකට යනකොට, මම එයාට බැන්නා. 00:31:07.125 --> 00:31:09.125 එයාගේ සන්නාහය හරියට සම්බන්ධවෙලා තිබුනේ නෑ. 00:31:10.791 --> 00:31:12.458 මම කිව්වා එයා රිදී ක්ලැම් කෙනෙක් වගේ කියලා. 00:31:16.875 --> 00:31:18.875 මම ඊට පස්සෙ එයාව ආපහු කවදාවත්ම දැක්කෙ නෑ. 00:31:30.041 --> 00:31:31.458 උත්තමාවියනි. 00:31:33.708 --> 00:31:35.166 ඔයා කලින් කියපු දේ ගැන... 00:31:36.666 --> 00:31:37.875 ඔයා වැරදියි. 00:31:39.250 --> 00:31:40.625 ඒක ඔයාගේ වරදක් නෙවෙයි. 00:31:42.250 --> 00:31:43.083 ඒක මගෙයි. 00:31:43.166 --> 00:31:45.500 ඔයා මේක සිද්දවෙන්න ඕන කියලා අදහසකින් කලේ නෑ. 00:31:46.125 --> 00:31:50.583 මම සතුරට බලය ලබා දුන්නා. ඉතිං ඒක මාව වගකීම් සහගත කරනවා. 00:31:51.291 --> 00:31:53.458 සමහරු කියනවා ඒක තමයි දේවල් සිද්දවෙන විදිහ කියලා. 00:31:55.791 --> 00:31:58.666 ඒත් මම විශ්වාස කරන්නෙ ප්‍රඥාවන්තයෝ අපේ හදවතේ තියෙන දේ ගැනත් බලනවා කියලයි. 00:32:00.708 --> 00:32:02.291 ඒ වගේම මේක ඔයාගේ හිතේ තිබුනෙ නෑ. 00:32:04.958 --> 00:32:08.541 මේ දවසේ බර ඔයාගේ කර මතට අරගන්න එපා, තියෝ. 00:32:10.791 --> 00:32:13.541 ඔයාට ඒක ආපහු බිමින් තියන්න අමාරු වෙන්න පුළුවන්. 00:32:17.250 --> 00:32:21.083 ඒත් මම ඒක අතෑරලා දාන්නෙ කොහොමද? 00:32:29.291 --> 00:32:34.208 අන්ධකාරයට එහා ගිය බලවේග මේ ලෝකයේ ක්‍රියාත්මක වෙනවා. 00:32:36.166 --> 00:32:38.291 සමහරවිට මේ වගේ දවස්වල, 00:32:38.375 --> 00:32:41.375 ඒවගෙ නිර්මාණයන් ගැන විශ්වාසය තියනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ. 00:32:42.666 --> 00:32:44.166 ඒ වගේම අපේ ඒවා බාර දෙනවා ඇරෙන්න. 00:32:44.750 --> 00:32:47.333 මගේ ගෙදර නැතිවෙලා ඉවරයි. 00:32:50.375 --> 00:32:52.208 ඒකෙ තියෙන නිර්මාණය කොහෙද? 00:32:58.958 --> 00:33:00.541 මට තාම ඒක දකින්න බෑ. 00:33:21.083 --> 00:33:22.541 නැවතියන්. 00:33:22.625 --> 00:33:23.666 කට වහගනිල්ලා. 00:34:13.916 --> 00:34:17.041 ඒ මොකද්ද? උඹට දැනෙන ඉව මොකද්ද? 00:34:17.375 --> 00:34:18.708 හහ්? 00:34:26.791 --> 00:34:27.958 අළු. 00:34:28.875 --> 00:34:30.875 අළු ඇරෙන්න වෙන මොනවත් නෑ. 00:34:33.833 --> 00:34:36.458 වරෙන්. අපි වෙලාව නාස්ති කරනවා. 00:34:47.541 --> 00:34:49.416 ඔයාට පුළුවන් වෙලාවේ විවේක ගන්න. 00:34:50.625 --> 00:34:52.208 අපි මුල්ම ආලෝකයෙන්ම පිටත් වෙනවා. 00:34:54.375 --> 00:34:55.791 මොන ආලෝකයෙන්ද? 00:35:27.250 --> 00:35:28.458 තවත් කම්පනයක්. 00:35:29.041 --> 00:35:31.541 අපි ගල් වලට ආපහු ස්ථාවර වෙන්න කාලයක් දෙන්න ඕන. 00:35:42.666 --> 00:35:44.916 එපා. 00:35:45.000 --> 00:35:47.541 ස්වයං විනය, ප්‍රගුණ කරන්න එල්ෆ්. 00:35:47.666 --> 00:35:50.041 ඒක ඔයාට සාර්ථකත්වය ගෙනල්ලා දෙයිද? 00:35:51.625 --> 00:35:53.125 ඒක අපේ තරඟෙදි නං ගෙනල්ලා දුන්නා. 00:35:54.666 --> 00:35:56.083 එහෙමද? 00:36:06.083 --> 00:36:07.083 නෑ. 00:36:08.666 --> 00:36:10.583 ඔහේ හිතලමයි පැරදුනේ? 00:36:10.666 --> 00:36:12.541 මගේ ඉලක්කය උනේ ඔයාව පරද්දන එක නෙවෙයි, 00:36:13.000 --> 00:36:15.666 තව ටික වෙලාවකට ඔයාගේ ඇහුම්කන්දීම අරගන්නයි ඕන කලේ. 00:36:16.291 --> 00:36:18.125 එල්ෆ් බොරු කියන්නෙ. 00:36:21.916 --> 00:36:23.541 මම... 00:36:26.541 --> 00:36:27.958 වක්‍රාකාරව කතා කලේ. 00:36:37.875 --> 00:36:38.958 මෙහෙට දෙන්න ඕක. 00:36:43.666 --> 00:36:47.166 මම හැමදාම හිතුවේ ඔයා එල්ෆ් කෙනෙක් හැටියට ටිකක් විතර ඩ්වෝර්වන් ගතියකුත් තියෙනවා කියලා. 00:36:47.666 --> 00:36:51.500 ඒ වගේම ඔයා ටිකක් විතර එල්විශ් ඩ්වෝර්වන් කෙනෙක්, ඩූරින්. 00:36:53.041 --> 00:36:54.458 ඩූරින්ගේ පුත්‍රයා. 00:36:56.000 --> 00:36:59.375 - මුණුබුරා... - ඔයා කැමති තරම් සමච්චල් කරන්න. 00:36:59.458 --> 00:37:03.958 වාමනයෙකුට කරන්න පුළුවන් බලවත්ම දෙය නම් එයාගේ පියාගේ නමට සුදුස්සෙකු වෙන එකයි. 00:37:10.541 --> 00:37:12.208 අපිට අපේම කියලා රහස් නම් තියෙනවා, 00:37:13.208 --> 00:37:15.875 අපි අතරේ විතරක් පාවිච්චි කරන්න. 00:37:15.958 --> 00:37:19.291 ඒ වගේම අපි ඒවා එලි කරන්නෙ පවුලේ අයට විතරයි. 00:37:19.375 --> 00:37:25.333 බිරින්දෑවැරුන්ට, දෙමව්පියන්ට, සහෝදරියන්ට, සහෝදරයන්ට. 00:37:33.083 --> 00:37:35.583 - එල්රොන්ඩ්... - ඒක තියාගන්න, ඩූරින්. 00:37:38.791 --> 00:37:40.208 ඈතම දිහාව වෙනුවෙන්. 00:37:42.666 --> 00:37:43.750 හොඳයි. 00:39:02.541 --> 00:39:03.500 ඩූරින්... 00:39:10.291 --> 00:39:12.166 පියාණනි... 00:39:14.541 --> 00:39:17.166 ඒක අපි හිතුවටත් වඩා දෙයක්. 00:39:17.250 --> 00:39:19.666 - ඩූරින් රජ තුමනි, මෙතන... - ඇති! 00:39:22.833 --> 00:39:27.083 පියාණනි, ඒක දිහා පොඩ්ඩක් බලන්න. 00:39:31.083 --> 00:39:32.416 එල්ෆ්ව අල්ලගන්න. 00:40:26.000 --> 00:40:27.625 ඔයාගේ අම්මා ඔයාව බිහි කරනකොට, 00:40:30.166 --> 00:40:33.166 ඔයාගේ ඇතුලාන්තයේ දෙයක් හරියට හැඩගැහිලා තිබුණේ නෑ. 00:40:34.583 --> 00:40:36.666 ඔයාගේ හුස්ම වියළි වගේම හිරවෙලා වගේ තිබුනේ. 00:40:38.833 --> 00:40:43.500 හුණුගල් අතුල්ලනවා වගේ පුංචි දුක්බර හඬක් පිට උනේ. 00:40:46.166 --> 00:40:48.750 ඔයා කවදාවත් ඔයාගේ පළමු ශීත කාලය දකින එකක් නෑ කියලා කට්ටිය කිව්වා. 00:40:51.833 --> 00:40:53.333 ඒ වගේම හැම රැයකම, 00:40:54.708 --> 00:40:58.708 ඔයාගේ අම්මගේ කඳුලින් පිරුණු ඇස් නින්දේ සරණ ලබා ගත්තට පස්සෙ, 00:41:00.375 --> 00:41:02.375 මම ඔයාව ගින්දර එළියට අල්ලගෙන හිටියා, 00:41:04.625 --> 00:41:06.625 මුළු රෑ පුරාම ඔයාගේ නිකට උස්සගෙන හිටියා. 00:41:08.666 --> 00:41:10.833 බර ටිකක් අඩු වෙනවා වගේ පෙනුණා. 00:41:12.125 --> 00:41:13.416 ඒ වගේම එක රැයක, 00:41:13.500 --> 00:41:16.750 මම ඔයාගේ පුංචි නිරුවත් මූණ දිහා බැලුවා, 00:41:18.583 --> 00:41:20.583 ඒ වගේම මම එතකොට දැක්කා 00:41:22.875 --> 00:41:28.875 වයසක ඩ්වෝර්වන් රජ කෙනෙක්ගෙ අළු පාට රැවුලක්. 00:41:30.208 --> 00:41:34.458 ධජ තියෙන බලවත් වගේම භයානක සේනාවක් වගේ. 00:41:38.291 --> 00:41:41.500 ඒ වගේම ඔයාගේ අම්මා අවදි උනහම, මම එයාට කිව්වා, 00:41:43.541 --> 00:41:46.333 එයා තව දුරටත් අඬන්න ඕන නෑ කියලා. 00:41:46.416 --> 00:41:52.416 අපේ පුතා ජීවත් වෙයි ඒ වගේම මෙයා කඳු පවා එහා මෙහා කරයි කියලා! 00:41:58.875 --> 00:42:02.083 මම කඳුකර එහා මෙහා කරයි කියලා ඔයා බලාපොරොත්තු වෙන්නෙ කොහොමද,පියාණනි, 00:42:02.166 --> 00:42:05.500 මම තනි සිදුරක් හාරනකොට ඔයා කෑලි වලට කැඩෙනවා නං? 00:42:06.416 --> 00:42:08.500 ඔයා මං වෙනුවෙන් විශිෂ්ටත්වය ගැන කතා කරනවා, 00:42:09.333 --> 00:42:13.208 ඒත් ඔයා මගේ තුල ඇතිවෙන ඇතිවෙන, අභිලාෂයන් හරි 00:42:13.291 --> 00:42:15.250 ආශාවන් හරි, 00:42:15.333 --> 00:42:20.458 ඔයාගේ හිතේ ඇතිවෙන සිතුවිලි වගේ නෙවෙයි නං ඔයා මගේ හුස්ම හිර කරනවා. 00:42:20.541 --> 00:42:23.833 මහා බරක් දරන්න ඕන යකඩ 00:42:23.916 --> 00:42:27.250 මහා උග්‍ර පන්නරයත් දරාගන්න ඕන! 00:42:27.333 --> 00:42:30.958 ඔයාගේ සගයන්ට මරණය පමුණුවන එක පන්නරයක් නෙවෙයි. 00:42:33.750 --> 00:42:36.958 මට එල්රොන්ඩ් කියන්නෙ මගේම අම්මාගෙ 00:42:37.041 --> 00:42:40.583 කුස තුල දැවුන සහෝදරයෙක් වගේ. 00:42:42.166 --> 00:42:43.875 උඹට මොන හයියක්ද... 00:42:49.666 --> 00:42:51.500 උඹට මොන හයියක්ද! 00:42:53.083 --> 00:42:54.708 තමන්ගෙ වර්ගයාට ද්‍රෝහි වෙන්න උඹ ගත්ත තීරණය 00:42:54.791 --> 00:42:58.416 ආරක්ෂා කරන්න තමන්ගෙ අම්මාගෙ මතකය ගාව ගන්න තරම්? 00:42:58.500 --> 00:43:01.375 නෑ! ඔයයි අපේ වර්ගයාට ද්‍රෝහි වෙන්නෙ! 00:43:01.458 --> 00:43:05.291 ඔයාට අතීතයේම එල්ලිලා ඉන්න පුළුවන් නිසා අපේ අනාගතය නාස්ති කරනවා! 00:43:05.375 --> 00:43:07.958 ඔයා ඔයා පැළඳගෙන ඉන්න ඔටුන්නත් අපවිත්‍ර කරනවා! 00:43:50.208 --> 00:43:51.083 ඕක දාලා යනවා. 00:43:54.958 --> 00:43:56.625 ඕක තවදුරටත් ඔහේගෙ නෙවෙයි. 00:44:22.500 --> 00:44:23.958 - පොපී? - හම්ම්? 00:44:24.041 --> 00:44:25.708 ඔයා මොකද්ද කරන්නෙ? 00:44:25.791 --> 00:44:27.750 බඳුනක් අරගන්නවා, වෙන මොකක් වගේද පේන්නෙ? 00:44:27.833 --> 00:44:30.750 නෑ, මෝඩියේ. කන එක නවත්තන්න! අපි ඕවා ඉතුරු කරගන්න ඕන. 00:44:30.833 --> 00:44:34.625 ඔයා එළියට ඇවිල්ලා බැලුවොත් මොකද, එතකොට අපි කතා කරමු. 00:44:37.291 --> 00:44:38.125 මොකක්... 00:44:43.625 --> 00:44:44.875 අර බලන්න! ඕහ්,නියමයි! 00:44:44.958 --> 00:44:47.041 අපි මේ අස්වැන්නත් එක්ක පොළට යනවා නේද? 00:44:51.458 --> 00:44:52.541 මෙන්න ඔයාට. 00:44:54.625 --> 00:44:57.750 මට තේරෙන්නෙ නෑ. කොහොමද? 00:44:57.833 --> 00:44:59.083 ඔයා කොහොම කියලද හිතන්නෙ? 00:45:00.708 --> 00:45:02.125 එයා ඒක හරි ගැස්සුවා. 00:45:04.000 --> 00:45:05.791 ඔයාට මේක විශ්වාස කරන්න පුළුවන්ද, නෝරි? 00:45:05.875 --> 00:45:08.208 අද රෑ රාත්‍රී භෝජනයකට වගේම මාළු ගල්වෙන 00:45:08.291 --> 00:45:11.208 කාලෙ වෙනකන්ම ඇතිවෙන තරමට මෙතන තෑගි තියෙනවා. 00:45:11.291 --> 00:45:14.416 මල්වා කිව්වා එයා ඇපල්-සොසේජස්ද මොනවද ජාතියක් හදන්න යනවා කියලා. 00:45:14.500 --> 00:45:16.500 - ඇපල් සෝස්. - ඒකම තමයි මමත් කිව්වෙ. 00:45:30.125 --> 00:45:31.458 තාත්තාගෙන්. 00:45:31.541 --> 00:45:33.833 ඔයාට ස්තූතියි,මල්වා. ඔයාගේ සහෝදරී කොහෙද ගියේ? 00:45:33.916 --> 00:45:36.000 අපි ඒවා අරගත්තා. ඔතන තව ඉඩ තියෙනවා? අපේ ඉවරයි. 00:47:41.958 --> 00:47:43.041 ඉන්න! 00:47:45.916 --> 00:47:47.541 ඔයාලා යන්නෙ වැරදි පැත්තට. 00:47:49.791 --> 00:47:51.250 එයා ගියේ අර පැත්තට. 00:47:53.000 --> 00:47:54.250 යන්න ඉතිං,දැන්. 00:48:07.916 --> 00:48:09.125 නෝරි! 00:48:12.166 --> 00:48:14.333 - මෙයාට ඉන්න දෙන්න! - ඔහෙලට එයාව ඇහුණනේ. 00:48:14.416 --> 00:48:16.333 - ඔහෙලා දැන් ගියොත් හොඳයි! - යනවා! 00:48:17.375 --> 00:48:20.875 ඔහෙලා මෙයාගේ කකුලේ එක මයිලකටවත් කරදරයක් කලොත් එහෙම, මම ඔහෙලගෙ මොල එළියට ගන්නවා. 00:49:35.958 --> 00:49:38.500 එන්න. හොඳයි. ඔයාලා අල්ලගෙන ඉන්න. 00:49:40.208 --> 00:49:41.041 දැන් එකට. 00:49:45.833 --> 00:49:46.791 වොහෝ! 00:49:49.416 --> 00:49:50.833 එයාව මට දෙන්න. 00:49:56.041 --> 00:49:56.875 නෑ! 00:49:58.125 --> 00:50:00.541 ඔයා ගෙදර යනවා. ඔයාට මාව ඇහුනද? 00:50:01.583 --> 00:50:03.000 ඔයා අපිත් එක්ක එනවා. 00:50:10.500 --> 00:50:13.333 කරුණාකරලා, බෙරෙක්. 00:50:14.500 --> 00:50:16.750 - කරුණාකරලා. - මෙයා ඔයාට ඇහුම්කන් දෙන එකක් නෑ. 00:50:19.000 --> 00:50:21.000 මෙයා අපි කාටවත්ම ඇහුම්කන් දෙන එකක් නෑ. 00:50:57.083 --> 00:50:59.666 මට එල්ෆ්ව නැවට ගොඩ කරගන්නෙ නැතුව ඉන්නයි තිබුනේ. 00:51:02.458 --> 00:51:05.125 මට එයාව මුහුදෙම දාලා එන්නයි තිබුනේ, මට එයාව හම්බුණ තැනම. 00:52:47.125 --> 00:52:48.541 තියෝ? 00:53:34.833 --> 00:53:38.666 රීජන්ට් රැජිනිය. එයා මෙහෙ ඉන්නවද? 00:53:45.916 --> 00:53:47.916 සූදානම්වීම් සම්පූර්ණ වෙන්න ආසන්නයි. 00:53:49.041 --> 00:53:50.875 අපිට පැයක් ඇතුලත දියත් වෙන්න පුළුවන්. 00:53:51.458 --> 00:53:53.541 දකුණුවැසියන් ගැන මොකද? 00:53:53.625 --> 00:53:57.625 එයාලව ආරක්ෂිත ජනාවාසයකට අරගෙන යන්න එක භට පිරිසක් නවතීවි. 00:53:59.541 --> 00:54:01.208 ඒ වගේම අපේ අතුරුදන් උන අයව හොයන්නත්. 00:54:12.333 --> 00:54:13.333 ගැලැද්‍රියල්. 00:54:36.916 --> 00:54:38.666 නුමෙනෝර්වල කවුරුවත් දණ නවන්නෙ නෑ. 00:54:39.791 --> 00:54:41.791 ඔයා නුමෙනෝර් වල නෙවෙයි ඉන්නෙ. 00:54:42.916 --> 00:54:44.916 මේ දෙකෙන් එකකවත් නෑ. 00:54:45.625 --> 00:54:48.041 වරද මගේ විතරමයි. 00:54:48.583 --> 00:54:51.166 අපේ නෞකාවන් බලාගෙන ඉන්නවා, මගේ රැජිනියණි. 00:54:53.958 --> 00:54:56.291 අපි මේ භූමින් අපේ රුවල් පිටි පස්සෙන් දාලා යමු. 00:55:16.916 --> 00:55:19.750 ඔයාගෙ දුක මං වෙනුවෙන් පාවිච්චි කරන්න එපා, එල්ෆ්. 00:55:21.166 --> 00:55:24.166 ඒවා අපේ සතුරන් වෙනුවෙන් තියාගන්න. 00:55:26.041 --> 00:55:28.458 මොකද උන් පටං ගත්තෙ මොකද්ද කියලා උන් දන්නෙ නැති නිසා. 00:55:37.125 --> 00:55:39.875 මිරියෙල් වන මම , 00:55:40.916 --> 00:55:43.541 ආර්-ඉන්සිලඩූන්වල දියණිය, මම මේක දිවුරනවා. 00:55:44.083 --> 00:55:45.833 නුමෙනෝර් යළි පැමිණෙනවා. 00:55:48.541 --> 00:55:51.625 ඒ වෙනකොට එල්ව්ස්වරු සූදානම් වෙලා ඉඳීවි. 00:55:55.208 --> 00:55:58.208 කපිතාන්, අපි රළත් එක්ක යාත්‍රා කරනවා. 00:56:01.875 --> 00:56:03.125 කපිතාන්? 00:56:12.250 --> 00:56:13.500 මම මේක අරගන්නම්. 00:56:31.166 --> 00:56:35.166 හිටගන්න කෙල්ලෙ. නැගිටින්න. අපිට පුළුවන් දේවල් එකතු කරගන්න මට උදව් කරන්න. 00:56:36.958 --> 00:56:38.958 නෝරි,දැන්ම. 00:56:39.041 --> 00:56:42.000 මේකට ඔයාගේ ආත්මය බිඳලා දාන්න ඉඩ දෙන්න එපා, මේ හැමදෙයක්ම හොඳ වෙයි. 00:56:42.083 --> 00:56:45.833 මෙයාට බොරු කියන්න එපා,ලාර්ගෝ. එයා දැන් ඒකට වයස වැඩියි. 00:56:45.916 --> 00:56:48.291 මම බොරු නෙවෙයි කිව්වෙ. මේ හැම දෙයක්ම හොඳ වෙයි. 00:56:48.375 --> 00:56:50.166 අනුකම්පාවේ නාමෙට, බ්‍රැන්ඩි ෆුට්. 00:56:50.250 --> 00:56:52.041 අපිට වැලපෙන්න වෙලාවක් දෙන්න. 00:56:52.125 --> 00:56:53.416 වැලපෙන්න? 00:56:53.875 --> 00:56:56.375 අපි අතර ඉතුරුවෙලා තියෙන්නෙ එච්චරයි කියලද ඔයා හිතන්නෙ? 00:56:56.458 --> 00:56:57.958 අපි හාර්ෆුට්ලා! 00:57:09.500 --> 00:57:11.416 බලන්න, අපි මකරු මරන්නෙ නෑ. 00:57:12.958 --> 00:57:15.041 වැඩිය ආභරණ හාරන්නෙත් නෑ. 00:57:15.125 --> 00:57:17.333 ඒත් මෙතන අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා, මම සහතික වෙනවා, 00:57:17.416 --> 00:57:20.375 මධ්‍යම පෘථිවියේ ඕනම ජීවියෙක්ට වඩා හොඳට කරන්න පුළුවන්. 00:57:22.750 --> 00:57:24.375 අපි එකිනෙකාට සත්‍යවාදීව ඉන්නවා. 00:57:26.375 --> 00:57:30.416 මාර්ගයට කොච්චර සුළං හැමුවත්, ඒක කොච්චර බෑවුම් සහිත උනත්, 00:57:32.166 --> 00:57:33.500 අපි ඒකට මුහුණ දෙනවා, 00:57:34.833 --> 00:57:38.666 අපි කකුල් වලට වඩා ලොකු හදවත් වලින්. 00:57:41.500 --> 00:57:43.166 ඒ වගේම අපිට දිගටම ගමන් කරනවා. 00:58:08.875 --> 00:58:11.375 නෝරි. ඔයා කොහෙද යන්නෙ? 00:58:14.500 --> 00:58:15.833 මගේ යාළුවට උදව් කරන්න. 00:58:16.875 --> 00:58:19.875 මොකද්ද එන්නෙ කියලා එයාට අනතුරු අඟවන්න. අඩුම තරමෙ එයාට ඒකවත් ලැබෙන්න ඕන. 00:58:19.958 --> 00:58:23.208 පාරෙන් පිට යන්න? දැන්? තනියම? 00:58:23.291 --> 00:58:24.541 එයා තනියම වෙන එකක් නෑ. 00:58:28.750 --> 00:58:31.833 අපි ඇති තරම් අය මග දාලා ආවා, අපි එයාවත් දාලා යන්නෙ නෑ. 00:58:34.208 --> 00:58:36.416 ඔය කෙල්ලො කොහෙවත් යන්නෙ නෑ. 00:58:37.791 --> 00:58:39.625 මං නැතුව නං නෑ. 00:58:44.000 --> 00:58:45.833 ඔයාට මේ ගැන විශ්වාසද, ගෝල්ඩි? 00:58:45.916 --> 00:58:49.750 ඔයාලා ඒ කැලෑ ඇතුලට ගියොත්, ඔයාලා පණපිටින් ආය එළියට නොඑන්නත් පුළුවන්. 00:58:49.833 --> 00:58:53.541 මග සොයන්නෙක් මෙයාලත් එක්ක ගියොත් මෙයාලා ආපහු එන්න ඉඩ තියෙනවා. 00:58:55.375 --> 00:58:59.375 බ්‍රැන්ඩිෆුට් කෙල්ල එයාට උදව් කරපු එකයි හරි දේ. මුල ඉඳන්ම හරි. 00:58:59.458 --> 00:59:02.958 ඒ වගේම මල්වා මෙඩෝ ග්‍රාස් ඒක පිළිගන්න තරම් ආඩම්බර කෙනෙක් නෙවෙයි කියලා ඔයාලා හිතනවා නං, 00:59:03.041 --> 00:59:07.041 හොඳයි, ජීවත් වෙලා ඇති ඵලේ මොකද්ද, සැඩොක්, අපි යහපත්ව ජීවත් වෙන්නෙ නැත්තං? 00:59:10.916 --> 00:59:14.125 ඔයාට කියන්න, මල්වා, එකම එක... 00:59:14.208 --> 00:59:18.458 වතාවකට, ඔයා හැම වෙලාවෙම නිවැරදි වෙන්නෙ නැත්තං ඒක ගොඩක් හොඳයි. 00:59:20.041 --> 00:59:22.375 මම මගේ ප්‍රතිපාදනයි සැරයැටියයි අරගෙන එන්නං. 00:59:23.291 --> 00:59:24.458 මම ඔයාලත් එක්ක එනවා. 00:59:28.125 --> 00:59:30.500 කොහොමත් ඒකෙන් ඇති වැඩක් නෑ, අපි ඔක්කොම මැරෙන්නයි යන්නෙ. 00:59:32.000 --> 00:59:34.666 එන්න, නැත්තං මුළු දවසෙම අපි මෙතන ඉඳියි. 00:59:34.750 --> 00:59:36.666 අපිට එයාව හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? 00:59:36.750 --> 00:59:39.791 එයා මහා යෝධයෙක්. අපිට කොහොම එයාව මගහැරෙන්නද? 01:00:03.708 --> 01:00:05.541 ඔයා විශ්වාස කරනවද එයා එයාගේ පොරොන්දුව රකියි කියලා? 01:00:06.375 --> 01:00:07.541 නෑ. 01:00:08.583 --> 01:00:10.000 මට ඒක සහතිකයි. 01:00:11.791 --> 01:00:16.208 අස්ථි සම්බන්ධ වෙලා තියෙන්නෙ, තුවාලයන් වෙළලා තියෙන්නෙ. අපිට සංචාරය කරන්න පුළුවන්. 01:00:16.791 --> 01:00:18.708 ඔයාලා කොහෙද යන්නෙ? 01:00:18.791 --> 01:00:22.083 අන්ඩුයින් ගිර ගාව තියෙන පරණ නුමෙනෝරියානු කොලනියකට. 01:00:22.625 --> 01:00:27.541 පෙලාගිර්, කියලයි එයාලා ඒකට කියන්නෙ. එයාලා කියන එතන නැවුම් භූමියක්,නැවුම් වතුර තියෙනවා කියලා. 01:00:28.375 --> 01:00:29.875 නැවුම් ආරම්භයක්. 01:00:32.750 --> 01:00:34.708 එහෙනං මම අපේ මහ රජතුමාට වාර්තා කරන්නං. 01:00:37.000 --> 01:00:39.000 මං වෙනුවෙන් බලාගෙන ඉන්න මොකක්ම හරි දේකට මුහුණදෙන්න. 01:00:40.958 --> 01:00:42.208 ඒත් අපේ රජතුමා ගැන මොකද? 01:00:43.583 --> 01:00:44.833 ඔයාලගෙ රජතුමා? 01:00:45.750 --> 01:00:47.166 ඔයාට කවුරුවත්ම දැන්නුවෙ නැද්ද? 01:00:47.791 --> 01:00:49.291 මට මොකක් දන්වන්නද? 01:00:56.250 --> 01:00:57.416 හැල්බ්‍රෑන්ඩ්. 01:01:00.375 --> 01:01:01.958 මම හිතුවේ ඔයා මැරෙන්න ඇති කියලා. 01:01:03.416 --> 01:01:05.500 එහෙම උනා නං මට හොඳයි. 01:01:07.541 --> 01:01:11.125 දකුණුකරයේ වැසියන්ට ඊයෙ සන්ධ්‍යාවේ මෙයාව මේ විදිහට හම්බෙලා තිබුණේ. 01:01:12.666 --> 01:01:14.666 එක රැයින් තුවාලය පැසවලා. 01:01:14.750 --> 01:01:17.208 මම යන ගමන් මගදි මෙයාට සත්කාර කරන්න උත්සාහ කරන්නයි හැදුවේ, ඒත්... 01:01:23.875 --> 01:01:25.875 මේකට එල්විශ් බෙහෙත් ඕන. 01:01:27.166 --> 01:01:28.333 මෙයාට අශ්වයා පිටේ යන්න පුළුවන්ද? 01:01:28.416 --> 01:01:31.791 මම සුව කරන්නන් ල්ව්වා එයාලට එකතු කරන්න පුළුවන් ප්‍රතිපාදන එකතු කරවන්නං. 01:01:40.625 --> 01:01:42.375 හොඳයි,මගේ යාළුවා. 01:01:43.333 --> 01:01:46.500 දෛවය අපි වෙනුවෙන් තවත් එක පාරුවක් සූදානම් කරලා තියෙනවා වගේ පේන්නෙ. 01:01:46.583 --> 01:01:48.291 මේක ඉවර නැ. 01:01:48.375 --> 01:01:51.791 මම මේ භූමිය අතෑරලා දාලා ගිණි ගන්න ඉඩ දෙන්නෙ නෑ. 01:01:54.083 --> 01:01:55.416 ඔයා එහෙම කරන්නෙත් නෑ. 01:02:22.750 --> 01:02:24.083 රජුට ශක්තිය ලැබේවා! 01:02:24.833 --> 01:02:28.291 රජුට ශක්තිය ලැබේවා! රජුට ශක්තිය ලැබේවා! 01:02:28.750 --> 01:02:32.666 රජුට ශක්තිය ලැබේවා! රජුට ශක්තිය ලැබේවා! 01:02:32.750 --> 01:02:36.750 රජුට ශක්තිය ලැබේවා! රජුට ශක්තිය ලැබේවා! 01:02:48.583 --> 01:02:51.583 ඕක තියාගන්න... සෙබල. 01:02:55.000 --> 01:02:56.166 සේනාපතිනියණි. 01:03:05.583 --> 01:03:07.208 දකුණු දේශයට ශක්තිය ලැබේවා! 01:03:07.291 --> 01:03:11.041 දකුණු දේශයට ශක්තිය ලැබේවා! දකුණු දේශයට ශක්තිය ලැබේවා! 01:03:11.125 --> 01:03:13.000 දකුණු දේශයට ශක්තිය ලැබේවා! 01:03:13.083 --> 01:03:15.291 දකුණු දේශයට ශක්තිය ලැබේවා! 01:03:15.375 --> 01:03:18.375 දකුණු දේශයට ශක්තිය ලැබේවා! 01:03:18.930 --> 01:03:33.964 ∞≡≡≡පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම≡≡≡∞ ∞≡≡≡නිපුන රමේශ් විසිනි.≡≡≡∞ -(127)- 01:03:35.125 --> 01:03:36.541 මම එයාව අසමත් කලා. 01:03:38.958 --> 01:03:41.625 ඒ හැමදේකම වරද මගෙයි. 01:03:43.708 --> 01:03:44.791 නෑ. 01:03:45.458 --> 01:03:46.750 නෑ,එහෙම නෑ. 01:03:48.375 --> 01:03:49.875 එහෙනං කාගෙද? 01:03:53.833 --> 01:03:55.000 ඒක ඔයාගේ පියාණන්ගෙ. 01:03:56.708 --> 01:04:00.708 එයා ගොඩාක් වයසට ගිහින් වගේම, ගොඩාක් සැක සහිත වෙලා ඉන්නෙ. 01:04:01.541 --> 01:04:03.958 එයාගේ මනස, ඉතාමත් දුර්වලයි. 01:04:04.583 --> 01:04:07.125 එයා කොච්චර ලාංඡන බිම දැම්මත් 01:04:07.250 --> 01:04:10.583 දවසක මේක ඔයාගේ රාජ්‍ය වෙනවා කියලා දකින්න බැරි තරමට , 01:04:12.125 --> 01:04:14.791 එයාගේ ඇස් අන්ධ වෙලා තියෙන්නෙ. 01:04:17.041 --> 01:04:19.041 සිව්වන ඩූරින්. 01:04:19.125 --> 01:04:20.750 ඔයාගේ සහෝදරයන්ගෙවත්. 01:04:22.916 --> 01:04:26.708 අනිත් ඩ්වෝර්ෆ් උතුමානන්ලගෙවත් නෙවෙයි. ඔයාගේ. 01:04:27.916 --> 01:04:29.250 මගෙයි. 01:04:30.500 --> 01:04:35.958 ඒ වගේම එකතුවෙලා,අපේ කාලෙ වෙනකොට මේ කන්දයි අනිත් ඔක්කොමයි අපි පාලනය කරයි. 01:04:39.291 --> 01:04:42.416 ඒ මීත්‍රිල් අපිටයි අයිති. 01:04:43.625 --> 01:04:45.458 ඔයාටයි මටයි. 01:04:46.375 --> 01:04:48.791 ඒ වගේම එකතුවෙලා, දවසක, 01:04:49.958 --> 01:04:52.208 අපි ඒවා හාරනවා. 01:05:18.833 --> 01:05:23.375 මේක මුද්‍රා තියලා දාන්න. 01:05:54.041 --> 01:05:55.291 මගේ දරුවනේ. 01:05:56.666 --> 01:05:59.041 ඔයාලගෙ සූර්‍ය ආවරණයි හිස් ආවරණයි ගලවලා දාන්න. 01:06:00.000 --> 01:06:02.583 ඔයාලා තවදුරටත් දහවලේ බරට ලක්වෙන්න ඕන නෑ. 01:06:03.958 --> 01:06:05.541 මේක දැන් අපේ භූමිය. 01:06:08.791 --> 01:06:10.208 මේක තමයි අපේ නිවහන. 01:06:11.625 --> 01:06:15.333 ඇඩාර් වැජඹේවා, දකුණු දේශයේ අධිපතියා! 01:06:15.416 --> 01:06:19.166 ඇඩාර් වැජඹේවා, දකුණු දේශයේ අධිපතියා! 01:06:19.291 --> 01:06:22.458 ඇඩාර් වැජඹේවා, දකුණු දේශයේ අධිපතියා! 01:06:22.541 --> 01:06:26.000 ඇඩාර් වැජඹේවා, දකුණු දේශයේ අධිපතියා! 01:06:27.166 --> 01:06:28.458 නෑ... 01:06:30.958 --> 01:06:35.583 ඒක තව දුරටත් නොපවතින තැනක නමක්. 01:06:36.541 --> 01:06:39.125 ඒ වෙනුවට අපි මේකට මොකක් කියලද කියන්නෙ, අධිපති-පියාණනි? 01:06:43.750 --> 01:06:46.375 ඇඩාර්! ඇඩාර්! 01:06:47.166 --> 01:06:49.791 ඇඩාර්! ඇඩාර්! 01:06:50.541 --> 01:06:53.208 ඇඩාර්! ඇඩාර්! 01:06:53.791 --> 01:06:56.500 ඇඩාර්! ඇඩාර්! 01:06:56.958 --> 01:06:58.541 ඇඩාර්! 01:07:03.326 --> 01:07:10.354 line:50% " මෝඩෝරය "